Prathap Valuers

ඔබගේ එදිනෙදා ජීවිතයට දේපොළ තක්සේරුකරණය වැදගත් වන්නේ ඇයි?

2023 සැප්තැම්බර් මස එකොළොස් වැනි දින ජාතික රූපවාහිනී නාලිකාවේ අලුත් දිනක් වැඩසටහනට එක් වීමට වරලත් තක්සේරුවේදී ප්‍රතාපසිංහ මහතාට අවස්ථාව හිමි විය. මෙම සම්මුඛ සාකච්ඡාවේදී වරලත් තක්සේරුවේදී ප්‍රතාපසිංහ මහතා සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට දේපල තක්සේරු කරණය වැදගත් වන්නේ කෙසේදැයි පැහැදිලි කළේය. එලෙසම නිවේදිකාව විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් Royal Institution of Chartered Surveyors හෙවත් බ්‍රිතාන්‍ය රාජකීය වරලත් මිනුම් කරුවන්ගේ ආයතනය විසින් පවත්වනු ලැබූ 2023 දකුණු ආසියානු සම්මාන උළෙලේදී දේපල තක්සේරු කරන අංශය සඳහා වන හොඳම කණ්ඩායම් සම්මානය ශ්‍රී ලංකාවට ලැබීම මගින් ශ්‍රී ලංකාවට ලැබුණු අවධානය සහ එහි වටිනාකම ප්‍රතාපසිංහ මහතා පැහැදිලි කළේය. 

ඉතාමත්ම හරවත් සාකච්ඡාවක් ලෙස ගොඩනැගුණු මෙම සාකච්ඡාව අතරතුර ප්‍රතාපසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ දේපල සංවර්ධන ක්ෂේත්‍රය විධිමත් කිරීමට රටක් ලෙස ගත යුතු පියවර මෙන්ම වෘත්තීයවේදීන්ගේ කාර්යභාරය පැහැදිලි කළේය. මෙම වටිනා විනාඩි 25ක කාලය තුළ ලංකාව ආර්ථිකමය වශයෙන් මෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන අවධාරණය කළ ප්‍රතාපසිංහ මහතා මෙම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් රූපවාහිනී සංස්ථාවේ සභාපති තුමා, වැඩසටහන නිශ්පාදක ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතිය පුද කළේය.

මෙම වැඩසටහනට ‍ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී ඇති අතර අපගේ සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබ වෙනුවෙන් මෙම සම්පූර්ණ වැඩසටහන මෙහි පල කිරීමට අප තීරණය කළෙමු.

Need help? Chat with us!

Got questions or need guidance before starting? Our friendly support team is here to assist you with personalized solutions. Don’t hesitate—start chatting with us now and get the help you need!

Our Clients Says

Got questions or need guidance before starting? Our friendly support team is here to assist you with personalized solutions. Don’t hesitate—start chatting with us now and get the help you need!